Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Test link
المشاركات

ස්වභාවික පරිසරය

Devils Punchbowl Waterfall, New Zealand.jpg
ඕස්ට්‍රේලියාවේ පිහිටි දියඇල්ල
ස්වභාවික පරිසරය පොදු ව්‍යවහාරයේදී ඉතා සරලව පරිසරය ලෙස හැඳින්වෙයි. එම පදය සියලු සජීවී හා අජීවී පාථිවිය මත හෝ ඉන් ඔබ්බෙහි යම් ප්‍රදේශයක ස්වභාවිකව ඇති වන දේවල්වලට ව්‍යවහාර කෙරේ.ඊට ප්‍රධාන සංඝටක කිහිපයක් අන්තර්ගත කර ගනී.[1]
  • විශාල මිනිස් මැදිහත් වීමකින් තොරව ක්‍රියාකරන සම්පූර්ණ පාරිසරික ඒකක මේවා ශාක වැස්ම, සතුන්, ක්ෂුද්‍ර ජීවීන්, පාෂාණ, වායු ගෝලය හා ඒවායේ සීමාවන් තුළ ඇතිවන ස්වභාවික ප්‍රපංචයන් අන්තර්ගත කර ගනී.
  • විශ්වීය ස්වාභාවික සම්පත් සහ භෞතික ප්‍රපංචයන්, පැහැදිලි සීමා නොදරයි නම් ඒවාද අයත් වේ. උදා - වාතය, ජලය, දේශගුණය, ශක්තිය විකිරණය, විද්යුත් ආරෝපණය චුම්භකත්වය. මේවා මිනිස් ක්‍රියාකාරකම් තුළින් ඇති නොවේ.
ස්වභාවික පරිසරය නිර්මිත පරිසරය සමග පරස්පර වේ. නිර්මිත පරිසරයේදී ප්‍රදේශ හා සංඝටක දැඩි මිනිස් බලපෑමට ලක්වී ඇත. මානව බලපෑම එක්තරා සීමිත මට්ටමකට පහතින් පවතී නම් භූ ගෝලීය ප්‍රදේශයක් ස්වභාවික පරිසරයක් ලෙස සැලකිය හැකිය. මෙම සීමාව රඳා පවතින්නේ විශේෂිත සන්දර්භයන් හා වෙනස් ප්‍රදේශවල හා සන්දර්භයන්ගේ වෙනස්වීම මතයි. වල්බිහිවීම නැමති පදය භාවිතා වන්නේ මානව භාවිතා වීමක් නොමැති වූ විටයි.
  • ස්වභාවික පරිසරයේදී පරිසරයේ ඉතුරුවී ඇති දේවල් ආරක්ෂා කිරීමේ ආශාවෙන් විවිධාකාර ක්‍රියාදාමයන් හා ප්‍රතිපත්තීන් ඇති කෙරේ.පුළුල් දේශපාලනික සාමාජීය හා දාර්ශනික ගමන් මගක් ඔස්සේ පාරිසරික වාදය ස්වභාවික පරිසරයට අන්තර්ගත කොට ගෙන ඇතිබව පොදු වටහා ගැනීමකි. පරිසරයේදී ස්වභාවිකත්වයේ රාමුව යලි ඇති කිරීම හා පුළුල් කිරීමද ඊට විෂය වී ඇත. සැබෑ වල්බිහි වූ තත්ත්වයන්හිදී දුර්ලභ බව වැඩිවන අතර ස්වාභාවික කැලෑ (උදා - කළමනාකරණය නොකරන ලද කැළෑ, වගා නොකරන ලද තණ බිම්, වන ගත ජීවිතය, වනගත මල්) විවි
    ධ ස්ථානවලදී පෙර ජනාවාසව පැවතියද අද ද හමුවේ.පාරිසරික විද්‍යාඥයින් විසින් පොදුවේ විස්තර කරන ලද අරමුණුවලට අන්තර්ගත වන්නේ,
  • දුෂණය අවම කිරීම සහ පිරිසිදු කිරීමයි. අනාගත අරමුණ වන්නේ ශුන්‍යය දුෂණයකි.
  • ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ද්‍රව්‍යයන් සෘජු දහනයෙන් හෝ ද්වීතික ඉන්ධන බවට පත් කිරීමෙන් ශක්තිය බවටත් පත්කිරීම.
  • ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ඉන්ධන පිළිබඳව සාමාජිය භාවිතය අඩු කිරීම.
  • විකල්ප හරිත අඩු කාබන් හෝ පුනර්ජනනය කළ හැකි ශක්ති ප්‍රභවය සංවර්ධනය කිරීම.
  • ජලය භෞමීය හා වාතය වැනි දුර්ලභ සම්පත් සංරක්ෂණය හා තිරසාර භාවිතය.
  • සුවිශේෂී හෝ පුරාතන පරිසර පද්ධතිවල හෝ දර්ශීය පාරසරික පද්ධතිවල ආරක්ෂාව, වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටින හා තර්ජනයට ලක්වූ විශේෂ ආරක්ෂා කිරීම.
  • ස්වාභාවික හා ජෛව ගෝලීය සංචිත විවිධ ආරක්ෂණ ක්‍රමවේදයන් යටතේ ඇති කිරීම. පෘථිවිය මත මිනිසා සහ සියලු ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති පොදුවේ ආරක්ෂා කිරීම.
මෙගා ව්‍යාපෘති නම් වූ අති විශාල සංවර්ධන ව්‍යාපෘති වලින් ස්වභාවික පරිසරයට විශේෂ අභියෝග හා අවධානමක් එල්ල කරයි. ප්‍රධාන වේලි හා විදුලි බලාගාර සැලකිල්ලට ගත යුතු වේ. සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල ක්‍රමයෙන් විශාල වන මෙගා ව්‍යාපෘති ඇති වන බැවින් ඒවායින් පරිසරයට එල්ල වන තර්ජනයද වැඩි වී ඇත.
මෑතකාලීනව ගෝලීය උණුසුම් වීම මත මිනිසා විසින් නිකුත් කෙරෙන හරිතාගාර වායු නිසා ඇති වන දේශ ගුණික වෙනස්වීම් පිළිබඳව ප්‍රබල සැලකිල්ලක් ඇති විය. විශේෂයෙන්ම CO2 හා මානවයා හා ස්වභාවික පරිසරය සමග එහි අන්තර්ක්‍රියා වඩාත් කැපී පෙනේ. දේශගුණික වෙනස්වීම් ඇති කරවන හරිතාගාර වායු අඩු කිරීම පිළිබඳව උත්සාහයන් නාභිගත වී ඇත. (දේශගුණික වෙනස්වීම් සමුළුව හා කියතෝ සන්ධානය හරහා) එමෙන්ම විශේෂ පරිසර පද්ධතිවලින් සමන්විත ප්‍රදේශවලට හා ගෝලීය උණුසුම්වීමේ ආචරණයනට උචිත අයුරින් හැඩ ගැසීම සඳහා මිනිසාට උපකාරී වීමට අනුවර්තිත උපස්තම්භනයන්ද වැඩි වෙමින් පවතී.
වඩාත් විචක්ෂණ අභියෝගයක් වන්නේ ස්වභාවික විචලනයන්ගෙන් ඔබ්බෙහි ස්වාභාවික පාරිසරික ගතිකයන් පාරිසරික වෙනස්වීම්වල‍ට පරස්පරව හඳුනා ගැනීමයි. ඉතිරිව පවතින පාරිසරික විචලනයන් නොසලකා හරිමින් සංඛයාලන දැක්මකට අනුවර්තනය වීම පොදු විසඳුමකි. විද්‍යානුකූලව මෙම දැක්ම කෙටි කාල පරාසයන් තුළ හා සෙමෙන් වෙනස් වන ක්‍රියාදාමයන් දෙස බැලීමේදී වඩා පැහැදිලිවේ.

අප අවට පරිසරය


අප අවට පරිසරය
පරිසර ප්‍රතිපත්ති ,
පරිසරය යන්නෙහි සරලම අරුත වන්නේ අප සහ අප අවට වටපිටාවයි .පරිසරය නම් සංකල්පය සොබාදහම , ස්වභාවධර්මය,වටපිටාව යනුවෙන්ද හදුන්වනු ලබයි .පරිසරය පරිසර පද්දති ,ජාන ව්ද්යාමව,පරිසර ගැටළු,පරිසර සංරක්ෂණය ,ආදී විවිධ ස්වරුපයන්ගෙන් පරිසර විද්යාදව යටතේ මේ වන විට හදුනා ගනිමින් පවතී .පොත පතින් අප උගත් දේ සොබාව සෞන්දර්යයට වඩා ගැඹුරින් පරිසරය යන්න මගින් නිරුපනය වන බව මගේ හැගීමයි .
පරිසරයෙන් ලැබෙන අමිල දායාද සොබාවික සම්පත් ලෙස හදුන්වයි .සම්පතක මුලික ලක්ෂණය වන්නේ ඒ සදහා දැඩි හානියක් නොමෙති විට සොබාදහමේ ගුණය මත යලි පුනරුත්පත්තියයි .පරිසරය කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය .
01) සොබාවික පරිසරය
02) කෘතීම පරිසරය
සොවබවික පරිසරය යනු අප ජීවත් වන සතුන්, ගස්,වැල්,ගංගා,ඇළ,දොළ ආදියෙන් යුතු පරිසරයි .කෘතීම පරිසරය යනු මිනිසා විසින් සොබාවික පරිසරය උපයෝගී කරගෙන කෘතීමව තනාගත් පරිසරයි. අද දවස වන විට ලංකාව මුහුණපාන ප්රාදාන පරිසර ගැටළු කිහිපයකි .
01) මිහිතලය උණුසුම් වීම 02) ඔසෝන් ස්තරය හීන වීම 03) කාලගුණික විපර්යාස 04) වනහරණය 05) කාන්තාරීකරණය 06) ජලය දුෂණය
The technological world is a beautiful place. There is a desire that everyone wants to achieve, and everyone wants to succeed. My ambition is to conquer the world of programming and web development i…

إرسال تعليق